Total Pageviews

Friday, May 27, 2011

මගේ හීනේට පියවරක්...

ගොඩක් දවස් හිතලා හිතලා අද හිතුනා බ්ලොග් එකක් පටන් ගන්න.පොඩි කාලෙ(තාමත් පොඩි එකාම තමා )තිබුන මගේ හීනයක් තමා කවදා හරි ලේඛකයෙක් වෙන එක.ඒ කාලේ ඉස්කොලෙදි.A/Lකරල ඉවර වෙනකම්ම ඉස්කොලෙන් පස්සේ මොනාද කරන්නෙ ඈහුවොත් කියන්නෙම ඕක..ඒත් මේ වෙනකම් අනම්-මනම් 1ක් 2ක් ඇරෙන්න,මොනවත්ම ලියුවේ නෑ හීනේ හීනයක්ම උනා.මට මතක විදියට ඉස්කොලේ කාලෙන් පස්සේ මම ඕක කාටවත්ම කිව්වෙ නෑ මොකද?ලොකු වෙලා  උනේ කෝකීයෙක්නෙ.....අවුලක්ම නෑ ඉතින් ලේඛකයා හිස්ගෙඩි පුරවනවා කෝකීයා බඩගෙඩි පුරවනවා.දෙකම එක වගේ කිව්වා නෙමේ.මම මගේ හිත හදා ගන්න කිව්ව කතාවක් ඒ.(නරියා මිදි තිත්තයි කිවා වගේ කියලා කියන්න බෑ මේවට.)තාම මොනවද ලියන්නෙ කියලා නම් හිතලා නෑ.සමහර විට"කෑම''ගැන මගෙ''ලෝකේ'' ගැන මොනවා හරි ලියයි.සමහර විට මොනවත්ම නොලියයි.හැම දේම තීරනය කරනෙ කාලය.රස්සාවත් එක්ක තියෙන කාලයනම් ගොඩක් අඩුයි.බලමු හුදී ජන පහන් සංවේගය සදහාටත් වඩා මගේ හීනෙට ලං වෙන්න.

1 comment:

  1. සුබ පැතුම්! සාදරයෙන් පිළිගන්නව බ්ලොග් අවකාශයට. මෙහෙම කිව්වට මමත් අලුත් එක්කෙනෙක්! දිගටම ලියන්න. ජයවේවා!

    ReplyDelete