Total Pageviews

Wednesday, June 1, 2011

උයනවා නම් මෙන්න ක්‍රම.

  • අද ටිකක් කලින් වැඩ ඉවර උනා.කලින්ම කාමරේටත් ආවා.එලියෙ පට්ටම රස්නේ,ඒ හින්දා එලියට යන වැඩෙත් හරි යන් නෑ.මොනවා හරි ලියනවාද කියලා කල්පනාකලේ.                                                                                                                           ඒත් මොනවද ලියන්නෙ?මොකටද නිකං නොදන්න දේවල් කියලා ගොම නා ගන්නෙ.දන්න දෙයක්ම ලියනවා.ඒ වෙලාවෙ තමා මේක මිටර් උනෙ.ගොඩක් අය හිතන්නෙ කෑමක් උයනවා කියන්නෙ.ආ.....ගේමක් නෑ,කැපුවා,කෙටුවා,අනං-මනං ටික දැම්මා.තැම්බුවා.ඉදුනාම කෑවා.ඔව් ඒකත් 1 ක්‍රමයක් තමා.ඒ වගෙ අපි හැමොම දන්න නොදන්න ක්‍රම කියක්නම් තියනවද?අපි ලංකාවෙ නම් ගොඩ දෙනෙක් පාවිච්චි කරන්නෙ මේ කියන්න හදන එවායින් කිපයි.හෝටල් වල නම්,මේ හැම එකම පාවිච්චි වෙනවා.සරලව වැඩෙට බැස්සොත් පලවෙනි 1 තමාඅපි හැමොම දන්න තම්බලා කන ක්‍රමේ .                                                                                                                       බොයිලිං-Boilingහොදට උතුරන වතුර මත බහා කෑම උයා ගන්නවාට තමා බොයිලිං,කියලා කියන්නෙ.උදාහරනයක් විදියට,අපි ඔය බිත්තර තම්බලා කන්නෙ(බරපතල උදාහරනයක්)                                                                                                               පෝචිං-Poaching.මේකත් අර බොයිල්ං වගෙම තමා,ඒ වුනාට ටිකක් විතර වෙනස්.මුලින්ම වතුර එක බොයිල් කරලා.බොයිලිං පොයින්ට් එකට අවාම(වතුර එක නටන වෙලාවට )ගින්දර අඩු කරනව.ඊට පස්සෙ තමන්ට වුවමනා දේ වතුරට දාලා පිස ගන්නවා.මේ විදියට මාලු,බිත්තර වගෙ දේවල් පිස ගන්න පුලුවන්.පෝච් එග් කියන්නේ.ගොඩක් අය කැමති ආහාරයක්.                                                                                                                           ස්ටිමිං-Steaming.හුමාලයෙන් අහාරයක් පිස ගැනිම තමා ස්ටිම්ං කියන්නෙ.ස්ටිම් කිරිම මගින් අපිට අහාරයක වර්ණය,ගුණය වගෙම රසයත්  ඒ අකාරයෙන්ම තියා ගන්න පුලුවන්                                                                                                                                           ස්ටුවිං-Stewing.මුඩියකින් වසා කෑම  මද ගින්නෙ සෙමෙන් සෙමෙන් පිස ගන්නා අකාරයට තමා ස්ටුව්ං කියන්නේ.පිස ගැනිමට වෙලා ගන්නා අහාර,හයිය මස් ජාතී වගේ දේවල් මෘදුවටත් රසවත් වත්   පිස ගැනිමට මේක කියාපු ක්‍රමෙ.                                                                                                                                බ්‍රෙයිසිං-Braising.විශේෂයෙන් මස් වැනි ආහර මුලින්ම රත් වු යකඩ තැටියක් මත මස් කැබල්ල වටෙටම සීල් කරගෙන(මස් කැබල්ලෙ ඇති ලේ පිටට යාමට නොදී)ඊට පසුව භාජනයකට දමා ස්ටොක්(මස්,මාලු හෝඑලවලු තම්බා ගත් වතුර ) වතුර යනාදිය දමා,මුඩියකින් වසා මද ගින්නේ පිස ගන්නා ක්‍රමය                                                                                                                                   පොට් රෝස්ටිං-Pot Roasting.මේකනම් සමහර අය උයන්න ගියාම,ගොඩක් වෙලාවට කරගන්න දෙයක්.පොට් එක රෝස්ට් කර ගන්න එක...:):):) හැබැයි නියම විදියට නම් පොට් රෝස්ටිං කියන්නෙ.පතුල ඝනකම බදුනක ආහාරයක් පිස ගන්න ක්‍රමයට.                                                                                                                      රෝස්ට්ං-Roastingඋදුනක් තුල කිසියම් මස් වර්ගයක්,මාලු වර්ගයක් හෝ එලවලුවක් පිස ගන්නවාට කියන්නෙ රෝස්ට්ං කියලා                                                                                                      බේක්ං-Bakingකේක්,පාන් වගේ කෑම උදුනක් තුල උණුසුම් වායුව මගින් පිස ගන්නා ක්‍රමයට කියන්නෙ බේකිං කියලා.ඕක නම් ඉතිං හැමෝම දන්නවානෙ....                                                                                                    ග්‍රිලිං-Grillingහොදට රත් වෙච්ච යකඩ දැලක් මත,කෙලින්ම ගින්දර වැදෙන්න  දීලා කෑමක් පිස ගන්නවට කියන්නෙ ග්‍රිල්ං කියලා.ඇත්තටම පිස ගන්නව කිව්වට වඩා පුච්චා ගන්නව කිවා නම් තමා ගොඩක්ම හරි.(සුද්දා ග්‍රිලිං කීවට අපේ ඔය පරන පොත් වල එහෙම තියෙන්නෙ''ගින්නෙ පලහා කෑවා,ගින්දරෙන් පුච්චාගෙන කෑවා'' කියලා ) ග්‍රිලිං කියන්නෙ ඒ කාලේ ඉදලා මිනිස්සු කෑම උයන්න  භාවිතා කරපු  ක්‍රමේ.                                                                                                              ශැලෝ ෆ්‍රයිං-Shallow frying.පැතලි සාස්පානක නොගැඹුරු තෙලේ (තෙල් හෝ බටර් )බැද ගන්නවාට අපි කියන්නෙ ශැලෝ ෆ්‍රයිං කියලා(අපි වගේම අනිත් හැමොම කියන්නෙ ඕක තමා )                                                                                                                 ඩීප් ෆ්‍රයිං-Deep frying.ගැඹුරු තෙලේ බැද ගැනීම.ගෙවල් වලනම්  තාච්චියකට තෙල් වැඩිපුර දා ගෙන බැද ගත්තාට.ට්‍රෙඩ් එකේ නම් මේකට ගෑස් හෝ විදුලියෙන් ක්‍රියා කරන ඩීප් ෆ්‍රයර් තියෙනවා.                                                                                                        පෙපර් බෑග්-Paper bag.ඇල්මිනියම් කොල වලින් සාදා ගත් බෑග් එකක හුමාලයෙන් හෝ උදුනක් තුල  පිස ගැනිම.                                                                                                                  මයික්‍රෝ වේව්-Microwave.මේ කාලේ ජනප්‍රියම කුකිං මෙතඩ් එක තමා මයික්‍රෝ වේව් කුකිං.සුක්ෂම තරංග භාවිතයෙන්(විදුලි කාන්දම් බලයෙන් )ක්ෂණිකව  කෑමක්  පිස ගැනීමට මේ මයික්‍රෝ වේව් උදුන භාවිතා කරනවා.                                                                                                                                              බ්‍රොයිල්ං-Broiling.ගින්දර එක එල්ලේ( කෙලින්ම )කෑම මතට වැදිමට සැලස්විම මගින් ආහාරයක්  පිස ගැනීම.බොහෝ දුරට මේ සදහා "සැලමෙන්ඩර්" (salamander ) එක තමා භාවිතා                                                                                                                ග්‍රිඩ්ල්-Griddle.හොදට රත්වුනු තැටියක් මත  තබා පිස ගැනීම.කරන්නේ.                                                                                                                         බුදු අම්මෝ...................ගෙමක් නෑ කියලා හිතුවට ලියන්න ගියාමනෙ,ඉරුනෙ.දන්න දේත් ලියන්න ගියාම මුල මැද අග නැතුව විකාර වෙනවා.100,200 පෝස්ට් දාන අය  පට්ටම ඩයල් කියලා හිතෙන්නෙ මේ වේලාවට තමා.ලියිවට වඩා අමාරුම සීන්  එක තමා මේක දාන්න හිත හදා ගන්න එක..................................................................ඕන දෙයක් වෙද්දෙන් කියලා දානව.......                                                                                                                                                                    

Friday, May 27, 2011

මගේ හීනේට පියවරක්...

ගොඩක් දවස් හිතලා හිතලා අද හිතුනා බ්ලොග් එකක් පටන් ගන්න.පොඩි කාලෙ(තාමත් පොඩි එකාම තමා )තිබුන මගේ හීනයක් තමා කවදා හරි ලේඛකයෙක් වෙන එක.ඒ කාලේ ඉස්කොලෙදි.A/Lකරල ඉවර වෙනකම්ම ඉස්කොලෙන් පස්සේ මොනාද කරන්නෙ ඈහුවොත් කියන්නෙම ඕක..ඒත් මේ වෙනකම් අනම්-මනම් 1ක් 2ක් ඇරෙන්න,මොනවත්ම ලියුවේ නෑ හීනේ හීනයක්ම උනා.මට මතක විදියට ඉස්කොලේ කාලෙන් පස්සේ මම ඕක කාටවත්ම කිව්වෙ නෑ මොකද?ලොකු වෙලා  උනේ කෝකීයෙක්නෙ.....අවුලක්ම නෑ ඉතින් ලේඛකයා හිස්ගෙඩි පුරවනවා කෝකීයා බඩගෙඩි පුරවනවා.දෙකම එක වගේ කිව්වා නෙමේ.මම මගේ හිත හදා ගන්න කිව්ව කතාවක් ඒ.(නරියා මිදි තිත්තයි කිවා වගේ කියලා කියන්න බෑ මේවට.)තාම මොනවද ලියන්නෙ කියලා නම් හිතලා නෑ.සමහර විට"කෑම''ගැන මගෙ''ලෝකේ'' ගැන මොනවා හරි ලියයි.සමහර විට මොනවත්ම නොලියයි.හැම දේම තීරනය කරනෙ කාලය.රස්සාවත් එක්ක තියෙන කාලයනම් ගොඩක් අඩුයි.බලමු හුදී ජන පහන් සංවේගය සදහාටත් වඩා මගේ හීනෙට ලං වෙන්න.